සැකකාර ළමයින්ද මනුෂ්‍යයෝය !

එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන  ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අද අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා.