පිං ජනාධිපති රනිල්, ඔයා දේශපාලන අනාතයෙක්


අවුරුදු 40ක් 50ද දේශපාලනේ කළා කිව්වට, කොළඹින් එක ඡන්ද විසිදාහක් ගන්න බැරි වුණ, වැලේ වැල් නැතුව එල්ලෙන්න වැලුත් නැතිව හිටපු පිං ජනාධිපති රනිල් උද්ඝෝෂණ කරන්න දැන් වෙලාවක් වෙන් කරන්න පටන් අරන්.

එක්කෙනෙක් ඇවිත් උද්ඝෝෂණ කරන්න තැනක් වෙන් කළා. දැන් පිං ජනාධිපතිගේ නිළ ඇඳුම් බලකායෙන් පැට 6 කට කලින් අපි උද්ඝෝෂණයක් කරනවා කියලා අවසර ගන්න වෙලා. 

ප්‍රශ්නය ඒක නෙමෙයි අර පොත් 50000කද කොහේද තිබුණා කියපු පිං ජනාධිපතිගේ පුස්තකාලේ ලෝකේ අරගල, උද්ඝෝෂණ සිදුවෙච්චි හැටි ගැන ලියවේච්චි එකම එක පොතක්වත් තිබුණේ නැද්ද කියන එක.

රනිල් දැන් ඔයා අපිට කියන්නේ අවසර දුන්නොත් විතරක් උද්ඝෝෂණ කරපන් නැත්නම් අකුලන් ගෙදර හිටපන් කියලාද?

ඔයාට මතකයි නේද රටේ ව්‍යවස්ථාවටත් පිටින් ගිහින් සදාකාලික ජනාධිපතිදූරයේ ඉන්න හිතාගෙන හිටපු මහින්දත් අන්තිමේ ජනේලයේ එල්ලිලා ගෙදර ගියා.

ඇයි ගෝඨා... ලංකාව සුඛිත මුදිත කරන්න 69 ලක්ෂයක්ම එකතු වෙලා ජනාධිපති පුටුවේ වාඩි කරවපු ගෝඨා සර්ටත් ලංකාවෙන් පැනලා යන්න සිද්ධවුණා. 

කොළඹින් එක ඡන්ද විසිදාහක් ගන්න බැරිවුණ ඔයා කවුද, ඔයා තනිකරම දේශපාලන අනාතයෙක්. ඔයාගේ ඊගෝ එකට බෙහෙත් අපි ඡන්දෙකින් දෙන්නම්. එතකන් ඔයා  Long Walk to Freedom පොත කියවන්න.   

ඔයාට ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඒකේ තියෙයි


No comments:

Post a Comment