නානසාරගේ කණවැන්දුම් දේශපාලනය

අලුත්ගම ගිනි තියලා ගත්තු ආතල් එක මතක් වෙලාද කොහෙද නානසාර ආයෙත් මාධ්‍ය සාකච්චාවක් තියලා. මෙතෙක් මුස්ලිම් මිනිස්සුන්ව මරං කන්න කතා කරපු හාදයා දැන් ආයෙත් දෙමළාගෙ පැත්තට හැරෙන්නයි කතාව.


රාජපක්ෂලාගෙ යුගය තුළ පෝෂණය වෙච්චි මේ උම්මත්තකයො ටික රාජපක්ෂ බලයෙන් ඇද වැටුණු ගමන් මාසයක් හමාරක් යනකල් පේන්නවත් හිටියෙ නෑ .. ඊට පස්සෙ එළිබැස්සත් රාජපක්ෂගෙන් ම අහගන්න වුණා තමුන්ගෙ පරාජයට හේතුව මේ දඩබලු සේනාවයි කියලා. දැන් ඒපාර ආයෙ වෙනත් තැටියක් දාගෙන ඇවිත්.

වැල්ලවත්තෙ ඉඳන් උතුරට යනකල් කෝවිල් කුඩු කරන්න තමුන්ට ඕනෙ තරම් හයිය තියෙන වගට ප්‍රසිද්ධියේ පාරම්බාද්දි මිනිහට සමහර විට තාමත් ඉන්නෙ තමුන්ව කන්න බොන්න දීලා හදාගත්තු ලේකම් තුමා මයි කියලා හිතුනද දන්නෙත් නෑ. මොකද ඒ කාලෙ මේ දඩබල්ලන් මොන විකාරය නැටුවත් කවුරුත් අත දාන්න නොගිය නිසා. 

ඒත් නානසාර, දැන් කාලෙ වෙනස්. තුන්වෙනි වතාවටත් රාජපක්ෂලා බලය තහවුරු කරගත්තා නම් මේ වෙනකොට මහපාරෙ නානසාරලගෙ නීති රජකරන්නත් තිබුණා, ඒත් මේ රටේ ඊට අකමැති බහුතරයක් මිනිස්සු එකතුවෙලා ඒක නැවැත්තුවා. කාණුකටකින් ගලන්නෙ කුණු විතරයි. නානසාරට තමුන්ගෙ කාණු කටින් කෝවිල් කැඩිලි ගැන හීනටෝක් දෙන්න පුළුවන් උනාට මහපොළවෙදි ඔය වැඩේ කරන්න හම්බෙන්නෙ නෑ. 

ඒවගෙම මේ මාධ්‍ය සංදර්ශනෙ ප්‍රධාන ඉලක්කයක් වුණෙ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා. චන්ද්‍රිකාගෙ පාලන කාලය ගැන දේශපාලනික ප්‍රශ්න අපටත් අනන්ත තියෙනවා, ඒත් චන්ද්‍රිකාගෙ පවුල් තෝම්බුවක් ඇදලා අරගෙන චන්ද්‍රිකා පරම්පරාවෙන් දෙමළ නිසා දෙමළාට සලකනවා කියලා කියද්දි ඒක හරිම කැතයි නානසාර. ඔයාගෙ ශුද්ධ සිංහල පරම්පරාවෙ උනත් පුරුක් කීපයක් ආපස්සට ගියොත් කොහෙන් හරි කවලමක් හොයාගන්න බැරිවෙන එකක් නෑ. 

අනික ජාතික පදනමින් මිනිස්සුන්ට වෙනස් ව සලකන්න කියලා කොයි බුදුන්ද ඉගැන්නුවේ ? අලුකුත්තේරු නිකායට කොයි බුදුන්ගෙ බනවත් අදාල නෑ තමයි, ඒත් සිවුර පොරවගෙන ඕවා කියවද්දි අවනම්බුව වෙන්නෙ බුදුන්ට.

ඒ වගෙම අවසාන වශයෙන් කියලා නානසාර චන්ද්‍රිකාට කිව්වෙ "තමුන් කණවැන්දුම් උනාට කමක් නෑ, රට කණවැන්දුම් කරන්න එපා" කියලා. ගැහැණියක් වැන්දඹු වීම කියන්නෙ එයාගෙ අපරාධයක් නෙවෙයි. චන්ද්‍රිකාගෙ මනුස්සයා මරලා දැම්මෙ කොයි කාලෙද, ඒකාලෙ රටෙ තිබ්බෙ මොනවගෙ තත්වයක්ද කියන්න හැමෝම දන්නවා. එතන තියෙන්නෙ දේශපාලනික ඝාතනයක් ගැන ප්‍රශ්නයක්. 

චන්ද්‍රිකා එක්ක තියෙන ගණුදෙනුවක් ඊට අදාල ආකාරයෙන් බේරගන්න. තමුන්ගෙ දේශපාලනිකව හොරමිනිහා වෙච්චි ගෝටාබයට බලය නැතිවුණු දා ඉඳන් පිස්සු විකාරෙන් තැන තැන කියව කියවා ඇවිදින මේ දේශපාලනික පිස්සු බල්ලන්ව බැඳලා දාන්න මේ ආණ්ඩුවටත් බැරිනම් හෝ ඕනි කමක් නැතිනම් රටේ අනාගතය ඒ තරම් සුබ නැතිබවයි කියන්න වෙන්නෙ. මොකද මේක බෝවෙන කණ්ඩායම් පිස්සුවක්. අපි අරං තියෙන්නෙ තාවකාලික විවේකයක් විතරයි. 

මිනිහා මැරුණු එක ගැහැණියට අවනම්බු කරන්න හේතුවක් නම් අම්මා මැරුණු එක ගැන සිද්ධාර්ථටත් ඒ ටිකම කියන්න පුළුවන්. 

No comments:

Post a Comment