අවුරුදු 40ක් 50ද දේශපාලනේ කළා කිව්වට, කොළඹින් එක ඡන්ද විසිදාහක් ගන්න බැරි වුණ, වැලේ වැල් නැතුව එල්ලෙන්න වැලුත් නැතිව හිටපු පිං ජනාධිපති රනිල් උද්ඝෝෂණ කරන්න දැන් වෙලාවක් වෙන් කරන්න පටන් අරන්.
හිතුවක්කාරී
.......සීමාවන් අතික්‍රමණය කරන හුදකලා අරගලය......
පිං ජනාධිපති රනිල්, ඔයා දේශපාලන අනාතයෙක්
අවුරුදු 40ක් 50ද දේශපාලනේ කළා කිව්වට, කොළඹින් එක ඡන්ද විසිදාහක් ගන්න බැරි වුණ, වැලේ වැල් නැතුව එල්ලෙන්න වැලුත් නැතිව හිටපු පිං ජනාධිපති රනිල් උද්ඝෝෂණ කරන්න දැන් වෙලාවක් වෙන් කරන්න පටන් අරන්.
ලැජ්ජයි මෛත්‍රී.....!
ස්ත්‍රී පුරුෂ සමාජභාවීම සංකල්ප තුළ කාන්තාවගේ පාරිභෝජන නිදහස සහ ව්‍යාපාර
හෝ වෘත්තියට එළඹීමේ නිදහස පැවතිය යුතු බව ලෝකයේ බොහොමයක් දියුණු මෙන්ම දියුණු
වෙමින් පවතින රටවල් පමණක් නොව ආයතනික ව්‍යූහයන්ද දැඩිසේ පිළිගන්නා කරුණකි. ලංකාව
තුල ගොඩනැගෙමින් පවතින ප්‍රජාතන්තවාදී සහ මානව නිදහස පදනම් කරගත් පරිසරය තුල මංගල
සමරවීර අමැතිවරයාට අවශ්‍ය වූයේ මත්පැන් වෙළඳාම සහ ලංකාව තුල නීතිවිරෝධී නොවන
මත්පැන් භාවිතා කිරීමේ යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.
සැකකාර ළමයින්ද මනුෂ්‍යයෝය !
එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අද අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා.