පිං ජනාධිපති රනිල්, ඔයා දේශපාලන අනාතයෙක්


අවුරුදු 40ක් 50ද දේශපාලනේ කළා කිව්වට, කොළඹින් එක ඡන්ද විසිදාහක් ගන්න බැරි වුණ, වැලේ වැල් නැතුව එල්ලෙන්න වැලුත් නැතිව හිටපු පිං ජනාධිපති රනිල් උද්ඝෝෂණ කරන්න දැන් වෙලාවක් වෙන් කරන්න පටන් අරන්.

ලැජ්ජයි මෛත්‍රී.....!



ස්ත්‍රී පුරුෂ සමාජභාවීම සංකල්ප තුළ කාන්තාවගේ පාරිභෝජන නිදහස සහ ව්‍යාපාර හෝ වෘත්තියට එළඹීමේ නිදහස පැවතිය යුතු බව ලෝකයේ බොහොමයක් දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් පමණක් නොව ආයතනික ව්‍යූහයන්ද දැඩිසේ පිළිගන්නා කරුණකි. ලංකාව තුල ගොඩනැගෙමින් පවතින ප්‍රජාතන්තවාදී සහ මානව නිදහස පදනම් කරගත් පරිසරය තුල මංගල සමරවීර අමැතිවරයාට අවශ්‍ය වූයේ මත්පැන් වෙළඳාම සහ ලංකාව තුල නීතිවිරෝධී නොවන මත්පැන් භාවිතා කිරීමේ යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.  

පෝට් සිටිය දැන් ශෝක් .. කාටද ආඩම්බර !

කොළඹ වරාය නගරය එහෙමත් නැත්නම් පෝට් සිටි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබිලාය කියලා සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම කියලා තිබුණා. පරිසර අධිකාරියේ අනුමැතිය ලැබුණු බවත් සියළුම ප්‍රශ්න විසඳුනු බවත් තමයි ඇමතිවරයා කියලා තිබුණෙ. 

සැකකාර ළමයින්ද මනුෂ්‍යයෝය !

එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන  ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අද අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා. 

ප්‍රේමය නම්, රාගයෙන් තොර - සංස්කෘතික බයිලාවට පසුවදනක්

'ප්‍රේමය නම්, රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි .... ' මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්.

සයිබර් සහෝදරත්වය පොළවට ගේද්දි අවුල් උනාද ?

නෙළුම් යායෙන් තලවාකැලේට නෑගම් යන ගමන ගිහින් ආවාට පස්සෙත් තිබුණු බොහොමයක් රාජකාරි එක්ක ඒ ගැන සටහනක් තියන්න ඉඩක් ලැබුණේ නෑ. එහෙත් අපිත් එක්ක ඒ ගමනට එකතු වුණු කිහිප දෙනෙක් තම තන්ගේ අත්දැකීම් සහ කම්පනය අකුරු කරලා තිබුණා.

මැදමුලනේ ප්‍රකාශනේ

මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වෙනිදා ඉඳන් ම තෙපර බබා හිටපු ඓතිහාසික ප්‍රකාශය ඔන්න නිකුත් කරලා. ඊළඟ මහ මැතිවරණයට තරඟ කරනවා ලු.

තලවාකැලේට නෑගම් යමු !!


තේ කර්මාන්තශාලාවක් ළඟින් යද්දි දැනෙන තේ දළු ඇඹරෙන සුවඳ විඳලා තියෙනවද ? ඒවගෙ මිහිරක් ප්‍රබෝධයක් කවදාවත් තේ කෝප්පෙකින් ලැබෙන්නෙ නෑ. අපෙ ජීවිතත් වෙලාවකට ඒ වගෙ තමයි. ගෙදරදොරේ වැඩත් එක්ක, රස්සාවත් එක්ක හිර උනාම අපිටත් ජීවිතේ කියලා විඳින්න වෙන්නෙ අන්තිමේ කවුරු හරි වේලලා පැකට් කරලා ලේබල් ගහලා එවන දෙයක්. ඒත් එතැනින් එපිටට පියවරක් තියන්න, හැබෑ ජීවිතේ සහෝදරකමක උණුසුමත් අරං සීත කඳුකරයට නෑගමනක් යන්න අපි සූදානම්. දවස ජුලි 11. ආපහු එන්න වෙන්නෙ 12 වෙනිදා.

නානසාරගේ කණවැන්දුම් දේශපාලනය

අලුත්ගම ගිනි තියලා ගත්තු ආතල් එක මතක් වෙලාද කොහෙද නානසාර ආයෙත් මාධ්‍ය සාකච්චාවක් තියලා. මෙතෙක් මුස්ලිම් මිනිස්සුන්ව මරං කන්න කතා කරපු හාදයා දැන් ආයෙත් දෙමළාගෙ පැත්තට හැරෙන්නයි කතාව.

විමල්, එන්න මෙතැන හැමනෙන්න

දේශපාලනයේ කුණුබක්කියට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න ගමන් එල්ලෙන්න තියෙන අන්තිම තුත්තිරිගහ හැටියට "මළගිය අප්පච්චි"ට හුස්ම පිඹින්න උත්සාහ කරන එක තෝරාගත්තු විමල් වීරවංශට ඊයෙ පෙරේදා අලුත් පොටක් පෑදිලා.

ප්‍රේමය, බාල්කය සහ ප්‍රින්සිපල් ලා ...

උපන් දිනයක් දාට කරන්න නම් හිතෙන දේවල් කීයක්ද ? ගෙදරින් ඈතක ඉන්නවා නම් ගෙදර දුවන එක, යාළුවො එක්ක එකතු වෙලා කේක් එකක් කපලා පුංචි සාදයක් දාන එක, සිංදුවක් කියලා නටලා විනෝද වෙලා තවත් අවුරුද්දක් ජීවිත ගමනෙ ගෙවුණු එක සමරන එක ... ඒත් යන්තම් වයස 19ක් වෙනදාම දාම තමුන්ගෙ ජීවිතේ හමාර කරගන්න ගෑණු ළමයෙක්ට හිතෙන එක කොච්චර නම් ඛේදවාචකයක් ද ? 

රොෂේන් .. අමතක නොවෙන මතකය

රොෂේන් චානක ඝාතනයෙන් හතර වසරක් ඉක්මයන මොහොතක ලියනා සටහනක් ...

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් එහෙම නැත්නම් පෙන්ශන් එකක් නැහැ. රැකියාව හමාර කෙරෙන කාලෙක ඔවුන්ට තියෙන එක ම බලාපොරොත්තුව ඊ.පී.එෆ් එක.

පැය බාගේ ආතල් එක අන්තිමේ කාටද ?

රජයේ සේවකයින්ට ලැබෙන දිවා ආහාර කාලය එහෙමත් නැත්නම් ලන්ච් ටයිම් එක පැය බාගයකට සීමා කෙරෙන චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරලා. ඒත් එක්ක ම නොයෙකුත් පාර්ශ්ව මේ ගැන එක එක අදහස් දක්වලා තිබුණා. 

අද විත්‍යා .... හෙට කවුද ?

සිවලෝගනාදන් විද්‍යා පහුගිය 13 වෙනිදාත් ඉස්කෝලෙ යන්න ඇත්තෙ වෙනදා වගේම දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන වෙන්න ඇති. ඒත් යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් මහා විද්‍යාලයේ උසස් පෙළට ඉගෙන ගත්තු ඈ ට වෙනදා පුරුදු විදියට හවස ගෙදර එන්න ලැබුණේ නෑ.

රිශාඩ්ට අවවාදයක් !!

විල්පත්තුව අවට වන සංහාරය නවත්තන්න කියලා ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබිලත් රිශාඩ් බදූර්දීන් නවතින පාටක් පේන්න නැහැ. දැන් මිනිහා ලෑස්ති වෙන්නෙ තමුන් මොකුත් ම කරේ නෑ කියලා පෙන්නන්න. ඒ වෙනුවෙන් අපේ ම සල්ලි වලින් මාධ්‍යවේදියො ඇතුළු පිරිසක් එයා සංචාරෙකත් එක්කරගෙන ගිහින් තිබුණා.

යුද්දෙන් දින්නේ කවුද?

යුද්ධ ජයග්‍රහණයේ හයවෙනි සැමරුම දිග හැරෙන්නට නියමිතයි. කවුරු කොහොම කොඩි උස්සන් බෙරගහගෙන නටාගෙන දඟළගෙන ඩෙඟා දාගෙන ජයග්‍රහණයක් සැමරුවත් යුද්ධෙන් වැඩියෙන් ම පැරදුණෙ දෙපැත්තෙ ම ගැහැණු. යුද්ධය පවතිද්දිත් ඉවර කෙරෙද්දිත් දිනද්දිත් පරදිද්දිත් දෙපැත්තෙ ම ගැහැණු ආයෙ ආයෙත් පැරදුණා. 

ආදරය වෙනුවෙන් ජීවත් වෙන්න

තවත් ආදර කතාවක් කුලියාපිටිය නගර සභා පිට්ටනිය ළඟ දි වහ බෝතලයකින් කෙළවර වෙලා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. කොල්ලට අවුරුදු 20යි. මැරෙන්න කලිං එයා මෙහෙම ෆේස් බුක් සටහනක් තියලා ගිහින් තිබුණා ... 

ළමයා එක වසරට - අම්මා හෝටලේට

එක වසර පන්තියට ළමයෙක්ව ඇතුළු කරන්න අම්මාගෙන් ලිංගික අල්ලසක් ඉල්ලලා ඈ එක්ක හෝටලයකට ගිය බවට කොට්ටාව ආනන්ද විද්‍යාලෙ හිටපු විදුහල්පතිවරයා අද කොළඹ මහාධිකරණයෙදි වරද පිළි අරං. දරුවෙක්ගෙ ඉගෙනුම වෙනුවෙන් අම්මලා මොන තරම් කැපකිරීම් කරනවාද ?

අම්මාවරුන් කොහොමද මතු බුදුවෙන්නේ ??

අද මව්වරුන්ගේ දිනය. අම්මාවරුන්ගෙ දවස. ඇත්ත ට ම දරුවෙක් හදා වඩා ගන්න අම්මා කෙනෙක් කොයි තරම් නම් දුකක් විඳිනවාද ?

විල්පත්තු වෙනුවෙන් බලු බළල් සේනා ! - ප්‍රවේශම් වෙමු !!

විල්පත්තු වන සංහාරය ගැන හොයා බලන්නය කියලා ජනාධිපති මෛත්‍රී පරිසර අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක් යවලා. වන විනාශයට එරෙහිව සයිබරයෙන් ගොඩ නැඟුණු සහෝදරත්වයේ හඬත් මේකට ප්‍රබල හේතුවක් වෙන්න ඇති.