'ප්‍රේමය නම්, රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි .... ' මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්.
නෙළුම් යායෙන් තලවාකැලේට නෑගම් යන ගමන ගිහින් ආවාට පස්සෙත් තිබුණු බොහොමයක් රාජකාරි එක්ක ඒ ගැන සටහනක් තියන්න ඉඩක් ලැබුණේ නෑ. එහෙත් අපිත් එක්ක ඒ ගමනට එකතු වුණු කිහිප දෙනෙක් තම තන්ගේ අත්දැකීම් සහ කම්පනය අකුරු කරලා තිබුණා.
මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වෙනිදා ඉඳන් ම තෙපර බබා හිටපු ඓතිහාසික ප්‍රකාශය ඔන්න නිකුත් කරලා. ඊළඟ මහ මැතිවරණයට තරඟ කරනවා ලු.
තේ කර්මාන්තශාලාවක් ළඟින් යද්දි දැනෙන තේ දළු ඇඹරෙන සුවඳ විඳලා තියෙනවද ? ඒවගෙ මිහිරක් ප්‍රබෝධයක් කවදාවත් තේ කෝප්පෙකින් ලැබෙන්නෙ නෑ. අපෙ ජීවිතත් වෙලාවකට ඒ වගෙ තමයි. ගෙදරදොරේ වැඩත් එක්ක, රස්සාවත් එක්ක හිර උනාම අපිටත් ජීවිතේ කියලා විඳින්න වෙන්නෙ අන්තිමේ කවුරු හරි වේලලා පැකට් කරලා ලේබල් ගහලා එවන දෙයක්. ඒත් එතැනින් එපිටට පියවරක් තියන්න, හැබෑ ජීවිතේ සහෝදරකමක උණුසුමත් අරං සීත කඳුකරයට නෑගමනක් යන්න අපි සූදානම්. දවස ජුලි 11. ආපහු එන්න වෙන්නෙ 12 වෙනිදා.
අලුත්ගම ගිනි තියලා ගත්තු ආතල් එක මතක් වෙලාද කොහෙද නානසාර ආයෙත් මාධ්‍ය සාකච්චාවක් තියලා. මෙතෙක් මුස්ලිම් මිනිස්සුන්ව මරං කන්න කතා කරපු හාදයා දැන් ආයෙත් දෙමළාගෙ පැත්තට හැරෙන්නයි කතාව.
දේශපාලනයේ කුණුබක්කියට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න ගමන් එල්ලෙන්න තියෙන අන්තිම තුත්තිරිගහ හැටියට "මළගිය අප්පච්චි"ට හුස්ම පිඹින්න උත්සාහ කරන එක තෝරාගත්තු විමල් වීරවංශට ඊයෙ පෙරේදා අලුත් පොටක් පෑදිලා.
උපන් දිනයක් දාට කරන්න නම් හිතෙන දේවල් කීයක්ද ? ගෙදරින් ඈතක ඉන්නවා නම් ගෙදර දුවන එක, යාළුවො එක්ක එකතු වෙලා කේක් එකක් කපලා පුංචි සාදයක් දාන එක, සිංදුවක් කියලා නටලා විනෝද වෙලා තවත් අවුරුද්දක් ජීවිත ගමනෙ ගෙවුණු එක සමරන එක ... ඒත් යන්තම් වයස 19ක් වෙනදාම දාම තමුන්ගෙ ජීවිතේ හමාර කරගන්න ගෑණු ළමයෙක්ට හිතෙන එක කොච්චර නම් ඛේදවාචකයක් ද ?
රොෂේන් චානක ඝාතනයෙන් හතර වසරක් ඉක්මයන මොහොතක ලියනා සටහනක් ...
පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් එහෙම නැත්නම් පෙන්ශන් එකක් නැහැ. රැකියාව හමාර කෙරෙන කාලෙක ඔවුන්ට තියෙන එක ම බලාපොරොත්තුව ඊ.පී.එෆ් එක.
රජයේ සේවකයින්ට ලැබෙන දිවා ආහාර කාලය එහෙමත් නැත්නම් ලන්ච් ටයිම් එක පැය බාගයකට සීමා කෙරෙන චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරලා. ඒත් එක්ක ම නොයෙකුත් පාර්ශ්ව මේ ගැන එක එක අදහස් දක්වලා තිබුණා.
සිවලෝගනාදන් විද්‍යා පහුගිය 13 වෙනිදාත් ඉස්කෝලෙ යන්න ඇත්තෙ වෙනදා වගේම දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන වෙන්න ඇති. ඒත් යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් මහා විද්‍යාලයේ උසස් පෙළට ඉගෙන ගත්තු ඈ ට වෙනදා පුරුදු විදියට හවස ගෙදර එන්න ලැබුණේ නෑ.