පිරිමිකම පෙන්වීමට ගොස් ඉක්මනින් මරුමුව වැලඳගන්නේ ඇයි?

කාන්තාවන්ගේ ආයු කාලවට වඩා පිරිමින්ගේ ආයුෂ කාලය අඩුවී ඇති බව දත්ත වලින් පෙනී යයි.


වේදනාවට හෝ හැඩිමට නොහැකිව තද සිත් ඇතිව ජීවත් වීමෙන් පිරිමින් දියවැඩියාව, අධික රුධිර පීඩනය මෙන්ම වැඩි වශයෙන් හදෘයාබාධ වලට ගොදුරු වීමේ අවධානම වැඩිය.


ගැහැණුන්ට වඩා පිරිමින් අතර හදෘයාබාධ වැඩිවීමට හේතුවක් වන්නේ කඳුලක් ඇසට පැමිණ විට පවා නොහඩා දරා ගෙන සිටිම නිසා විය හැකිය. මෙලෙස ‘‘ශක්තිමත් පිරිමින් අඬන්නේ නැත’’ යන සමාජ භාවිතය තුලින් විශාල වියෝවක් ඇති වු විට පවා පිරිමින් බොහෝ විට කඳුලූ නොසලා සිටිමේ සම්භාවිතාව වැඩිය. මේ නිසා ඇතැම් පිරිමින් වියෝ දුක නැති කර ගැනීමට මත්පැන් පාවිච්චියට ඇබ්බැහි වී ක‍්‍රමයෙන් කායිකව හා මානසිකව විනාශයට ලක් වීමේ අවධානම වැඩිය.

නිවසේ තම මවගේ අදහස් වලට මුල් තැන ඇති නිවසක ඇති දැැඩි වන පිරිමි දරුවන් බිරිඳගේ අදහස් වලට සවන් දෙන්නෙකු බවට පත් වීමට ඉඩ ඇත. කාන්තා අදහස් උදහස් වලට ගරු කරන පරිසරයක හැදෙන වැඩෙන පිරිමියා වැඩ කරන ස්ථානයේ කාන්තාවන්ගේ අදහස් වලට ගරු කිරිමට පෙළඹෙයි.

එසේම තම පියා විසින් තම මවට සිදු කරන ගෘහස්ථ හිංසන අත්දැක ඇත්තකු විවාහයට පත් වු පසු තම බිරිඳට ආදරය හා ගෞරවය දක්වනනේ කෙසේදැයි නොදැන වැඩිවියට එළඹේ. මෙලෙස කුඩා කාලයේ සිදු වන හිංසන මානසික පීඩා හා ලිංගික අතවර හේතුවෙන් පිරිමි දරුවන් වැඩි වියට පත් වු පසු සමාජය තුල නිසි පරිදි අනුකලනය වීමට බාධා ඇති කරයි. ඇතැම් ගෘහස්ත හිංසන නිසා තම මවගේ මරණය පවා දුටු පිරිමි දරුවන් සමාජය තුල ඇති දැඩි වන්නේ කෝපයෙන් සහ වෛරයෙනි.

එසේම බීමත්ව පැමිණ මවට තඩිබාන පියවරුන්ගෙන් මව බේරා ගැනීමට ඉදිරිපත් වන පිරිමි දරුවන් තමා පියාට පහර දී ළමා අපරාධකරුවන් බවට පත්ව රැුඳවුම් කඳවුරු වල පුනරුත්ථාපනයට යවන අවස්ථා අනන්තවත් පුවත්පත් වලින් අප දැැක ඇත.

මේ සියලූ සිදුවීම් වලින් සනාථ කරන්නේ ගෘහස්ත හිංසන හෝ ළමා කල දරුවන් විඳිනා අතවර නිසා, වැඩිවියට පත් වු පසුද ඒවායේ ප‍්‍රතිවිපාක විඳිමට ඔවුන්ට සිදු වන බවයි. එසේම හිංසාවට පත්වුවන් අනාගතයේ අන් අය කෙරෙහි හිංසාකාරී විමටද ඉඩ ඇත.

කුඩා වියේදි නිතරම තම පියාගෙන් ගුටි බැට කෑ පිරිමි දරුවෙකු ඇති දැැඩි වු විට තම දරුවන් සමඟ ඉතා ඉක්මනින් කෝපවන කලහකාරි පියෙක් බවට පත්වීමට ඇති අවධානම වැඩිය. ‘‘අප්පා කල දේ පුතා නොකොලොත් නොට්ටිගේ පුතා’’ යනුවෙන් ගම් වල ඇති ප‍්‍රස්ථා පිරුලක් නැතහොත් ව්‍යවහාරයක් ඇත. මෙවන් ව්‍යවහාරයන්ගෙන්ද සනාථ කරන්නේ පිරිමි දරුවන් තම පියාගේ හැසිරිම් රටාව අනුගමනය කිරිමට ඉඩ ඇති බවයි. එසේම තම පියා විසින් මවට පහර දෙන පවුලක ඇති දැැඩි වන දරුවන් බිරිඳ හා සැමියා අතර පවතින අන්‍යෝන්‍ය පුද්ගල සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය සහ සොඳුරුභාවය නොදැන ගනියි.

‘‘පිරිමියෙක් වුනාම කොන්ද පන තියෙන්න ඕන’’ ‘‘ගෑණීගේ කට හදා ගන්න මිනිහා දැන ගන්න ඕනෑ’’‘‘තමන්ගේ ගෑනින්ටයි දරුවන්ටයි කන්න දෙන්න බැරි එකා පිරිමියෙක්ද?’’ යනාදි සමාජයේ මුල් බැස ගත් පිරිමින්ට අහිතකර මති මතාන්තර ඔබ විසින් අසා ඇතුවාට සැක නැත. මෙවන් ඒකාකෘතින් නිසා පිරිමින්ට වන හානිය පිරිමින් විසින් පවා හඳුනා ගෙන නැත.

තම දරුවන්ට බිරිඳට කෑම බීම සැපයීමට මුදල් නොමැතිකමේ ලැජ්ජාවෙන් හා තමා වරදක් කර ඇත සිතුවිල්ල පිරිමින්ගේ සියදිවි හානි කර ගැනීම් වලට මුලික වන හේතුන් ගණනාවන් අතර එක් හේතුවකි. පොළොන්නරුවේ ගොවින් තම කුඹුරු පාලූ විමෙන් ණය ගෙවා ගැනිමට නොහැකිව සහ අඹුදරුවන්ට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානි කර ගැනීම් කර ගත් ආකාරය දුටුවේද?

පියා යනු හුදු ආර්ථික සැපයුම් කරුවකුට වඩා මව සමග එක්ව සෙනෙහස පෑමේ හා විඳ ගැනීමේ භුමිකාවේ සිටින්නකු වීමේ වැදගත්කම ගැන ලංකාවේ පවුල් වටහා ගතහොත් පිරිමින් සහ ගැහැණුන් යන දෙකොටසටම ජීවිතය සමසේ විඳිය හැකි වනු ඇත. මේ නිසා ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාටම නිවසේ වැඩ පල වලට හවුල් වීමට හැකි වන අතර සහ කාන්තාවටද රැකියා කිරිමට හැකි වීමෙන් තනි පුද්ගලයෙකු මත පැටවෙන ආර්ථික වගකීම ලිහිල් වනු ඇත. එසේම කාන්තාවන් නිවසට කොටු නොවි ආර්ථික ශක්තිමත්භාවය ලබා ගැනීමටද හැකි වනු ඇත. පිරිමින්ද කාන්තාවන්ගේ ගෘහස්ත කාර්්‍යභාරයට උර දෙන ප‍්‍රමාණය වැඩි වනු ඇත.


ගෘහස්ථ හිංසන පනත කරලියට පැමිණිමට පෙර යම් දිනෙක ගෘහස්ථ හිංසනය ගැන පැමිණිලි කිරිමට ගිය කාන්තාවක් පොලිසියට ගොස් තමාගේ සැමියා විසින් පහර දුන් බව කියා සිටියාය. මෙහිදි පොලිසිය විසින් ගැහැණියගේ පැමිණිල්ල ලියා ගැනීමට මැලිකමක් දැැක්වුයේ ‘‘තමන්ගේ මිනිහා ගහන්නේ නැති නම් අල්ලපු ගෙදර මිනිහා ගහනවාද?’’ යනුවෙන් අසමිනි.

මෙවන් අදහස් මෙන්ම පිරිමිකම පෙන්වීමට නම් ගැහැණිය නිතරම ආණ්ඩු මට්ටු කල යුතුය, ගැහැණුන්ගේ කට පාලනය කල යුතුය ’’ යන වැරදි ආකාල්ප සමාජය තුල ඇති වීමෙන් පිරිමින් කාන්තාව කෙරෙහි හිංසාකාරි ආකල්ප සහ හැසිරිම් රටා ඇති කර ගැනීමට මඟ පාදයි. මෙවන් නිශේධනාත්මක ආකල්ප පිරිමින් හිංසාකාරි හැසිරිම් වලට තුඩු දෙන බැවින් ගැහැණුන් සහ පිරිමින් හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඇති නිශේධනාත්මක ඒකාකෘතින් මඟ හැරවීමට මුලූ මහත් සමාජය විසින් ක‍්‍රියාත්මක විය යුත්තේය.

එසේම පිරිමින් වෙත ආක‍්‍රමණශීලිත්වය සහ හිංසකාරි බව ආරෝපණය කරන තුවක්කු, පිස්තෝල ආදි සෙල්ලම් බඩු දීම ගැනද දෙමව්පියන් අවධානය යොමු කල යුතුය.එසේම ගැහැණු දරුවන්ට හැලි වලං සහ බෝනික්කන් දී ඇය ගෘහිය කාර්යයේ ගති ලක්ෂණ ආරෝපණය කිරිමට දරන වෙර අවම කොට ඇයට සාම්ප‍්‍රදායික නොවන සෙල්ලම් බඩුද ලබා දී ඇයගේ බාහිර ලෝකය සුවිසල් කිරිමට දෙමව්පියන් උත්සුක විය යුතුය. මේ තුලින් පිරිමින් සහ ගැහැණුන් සමාජය විසින් නිර්මිත ඒකාකෘතික ආකල්ප වලින් මිදි නිදහස් පුරවැසියන් ලෙස සමාජානුයෝජනය විමට ඉඩ සලසයිි.

එසේම පිරිමියෙකු වුනාම හොඳ කොන්දක් තිබිය යුතුය යන මතය පිරිමි මානසිකත්වය තුල නිශේධනාත්මක ලෙස බලපෑම් කරයි. තමාගේ කොන්ද පන තියෙන බව පෙන්වීමට යෑමෙන් රණ්ඩු සරුවල් වලට පැටලී පිරිමින් මරණයට පත් වීම, බස් රියේ හෝ දුම්රියේ් පාපුරුවේ ගමන් කිරිමෙන් අනතුරු වලට පත්වීම සහ තම පිරිමි වික‍්‍රමයන් පෙන්වීමට ගොස් ඉක්මනින් මරුමුව වැලඳගත් පිරිමින් කොපමණද යන්න මෙම ලිපිය කියවන ඔබට තේරුම් යනු නොඅනුමානයි.

වැඩිපුර යුද්ධ සහ ගැටුම් වලින් මිය යන්නේද, රිය අනතුරු වලින්, බීමත් කමින්, දුම් බීමෙන් මිය යන්නේ පිරිමින්ය. මෙලෙස පිරිමි දරුවන් නොසලකා හැරිම ආදිය අවම කොට, අනෙක් පිරිමින්ගෙන් සහ සමාජයෙන් දරුවන්ට එරෙහිව සිදු වන ලිංගික අතවර වලට ගොදුරු වීම් වැලැක්වීමට නිවෙස් මට්ටමේදීත්, ප‍්‍රජා මට්ටමේදී කටයුතු කිරිම ඉතා වැදගත් වේ.

මේ සඳහා පාසල්, ළමා රැකවරණ ආයතන, වෘත්තීය පුහුණු ආයතන, ළමා සුරැුකුම් නිවාස, තරුණ වියේ වැරදිකරුවන් රඳවා තබා ගන්නා ආයතන, වීථිවල ජීවත්වන නිවස් අහිමි ළමයින් යන සියලූ කොටස් වලට අවධානය යොමු කල යුත්තේය.

සටහන: නීතිඥ ශාමිලා දළුවත්ත