පිං ජනාධිපති රනිල්, ඔයා දේශපාලන අනාතයෙක්


අවුරුදු 40ක් 50ද දේශපාලනේ කළා කිව්වට, කොළඹින් එක ඡන්ද විසිදාහක් ගන්න බැරි වුණ, වැලේ වැල් නැතුව එල්ලෙන්න වැලුත් නැතිව හිටපු පිං ජනාධිපති රනිල් උද්ඝෝෂණ කරන්න දැන් වෙලාවක් වෙන් කරන්න පටන් අරන්.

ලැජ්ජයි මෛත්‍රී.....!



ස්ත්‍රී පුරුෂ සමාජභාවීම සංකල්ප තුළ කාන්තාවගේ පාරිභෝජන නිදහස සහ ව්‍යාපාර හෝ වෘත්තියට එළඹීමේ නිදහස පැවතිය යුතු බව ලෝකයේ බොහොමයක් දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් පමණක් නොව ආයතනික ව්‍යූහයන්ද දැඩිසේ පිළිගන්නා කරුණකි. ලංකාව තුල ගොඩනැගෙමින් පවතින ප්‍රජාතන්තවාදී සහ මානව නිදහස පදනම් කරගත් පරිසරය තුල මංගල සමරවීර අමැතිවරයාට අවශ්‍ය වූයේ මත්පැන් වෙළඳාම සහ ලංකාව තුල නීතිවිරෝධී නොවන මත්පැන් භාවිතා කිරීමේ යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.  

පෝට් සිටිය දැන් ශෝක් .. කාටද ආඩම්බර !

කොළඹ වරාය නගරය එහෙමත් නැත්නම් පෝට් සිටි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබිලාය කියලා සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම කියලා තිබුණා. පරිසර අධිකාරියේ අනුමැතිය ලැබුණු බවත් සියළුම ප්‍රශ්න විසඳුනු බවත් තමයි ඇමතිවරයා කියලා තිබුණෙ. 

සැකකාර ළමයින්ද මනුෂ්‍යයෝය !

එක පැත්තකින් බෙර ගහගෙන නටාගෙන  ළමා දිනය සමරන අතරෙ ලංකාවෙ පොලීසියත් ජනමාධ්‍ය ආයතන වල සමහරක් බහුතරයකුත් එකතු වෙලා මහා අපරාධකාරයෙක් බවට පත් කරපු සේයා දැරිය ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත්තාය කියපු 17 හැවිරිදි පාසල් දරුවා අද අධිකරණයෙන් නිදහස් උනා. එක ජීවිතයක් නැති උනු එකේ පරීක්ෂණ පමාව ගැන තමුන්ට එන චෝදනාවෙන් ගැලවෙන්න පොලීසිය බිල්ලට ගත්තේ ඒ කොල්ලාව. විකිණෙන ඕනෙම මඟුලක් කුණු රහට පල් කර කර පළ කරන ජඩ මාධ්‍ය ආයතන ඉතුරු හරිය වවාගෙන කෑවා. දින ගණනාවකට පස්සේ යන්තම් ඒ දරුවා චෝදනාවෙන් ගැලවුණා. 

ප්‍රේමය නම්, රාගයෙන් තොර - සංස්කෘතික බයිලාවට පසුවදනක්

'ප්‍රේමය නම්, රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි .... ' මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්.

සයිබර් සහෝදරත්වය පොළවට ගේද්දි අවුල් උනාද ?

නෙළුම් යායෙන් තලවාකැලේට නෑගම් යන ගමන ගිහින් ආවාට පස්සෙත් තිබුණු බොහොමයක් රාජකාරි එක්ක ඒ ගැන සටහනක් තියන්න ඉඩක් ලැබුණේ නෑ. එහෙත් අපිත් එක්ක ඒ ගමනට එකතු වුණු කිහිප දෙනෙක් තම තන්ගේ අත්දැකීම් සහ කම්පනය අකුරු කරලා තිබුණා.

මැදමුලනේ ප්‍රකාශනේ

මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වෙනිදා ඉඳන් ම තෙපර බබා හිටපු ඓතිහාසික ප්‍රකාශය ඔන්න නිකුත් කරලා. ඊළඟ මහ මැතිවරණයට තරඟ කරනවා ලු.

තලවාකැලේට නෑගම් යමු !!


තේ කර්මාන්තශාලාවක් ළඟින් යද්දි දැනෙන තේ දළු ඇඹරෙන සුවඳ විඳලා තියෙනවද ? ඒවගෙ මිහිරක් ප්‍රබෝධයක් කවදාවත් තේ කෝප්පෙකින් ලැබෙන්නෙ නෑ. අපෙ ජීවිතත් වෙලාවකට ඒ වගෙ තමයි. ගෙදරදොරේ වැඩත් එක්ක, රස්සාවත් එක්ක හිර උනාම අපිටත් ජීවිතේ කියලා විඳින්න වෙන්නෙ අන්තිමේ කවුරු හරි වේලලා පැකට් කරලා ලේබල් ගහලා එවන දෙයක්. ඒත් එතැනින් එපිටට පියවරක් තියන්න, හැබෑ ජීවිතේ සහෝදරකමක උණුසුමත් අරං සීත කඳුකරයට නෑගමනක් යන්න අපි සූදානම්. දවස ජුලි 11. ආපහු එන්න වෙන්නෙ 12 වෙනිදා.

නානසාරගේ කණවැන්දුම් දේශපාලනය

අලුත්ගම ගිනි තියලා ගත්තු ආතල් එක මතක් වෙලාද කොහෙද නානසාර ආයෙත් මාධ්‍ය සාකච්චාවක් තියලා. මෙතෙක් මුස්ලිම් මිනිස්සුන්ව මරං කන්න කතා කරපු හාදයා දැන් ආයෙත් දෙමළාගෙ පැත්තට හැරෙන්නයි කතාව.

විමල්, එන්න මෙතැන හැමනෙන්න

දේශපාලනයේ කුණුබක්කියට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න ගමන් එල්ලෙන්න තියෙන අන්තිම තුත්තිරිගහ හැටියට "මළගිය අප්පච්චි"ට හුස්ම පිඹින්න උත්සාහ කරන එක තෝරාගත්තු විමල් වීරවංශට ඊයෙ පෙරේදා අලුත් පොටක් පෑදිලා.