බොදු බලේ පොන්නකම

අන්තවාදී ආගමික කොටස් ලෝකයටම පිළිලයක් වී තිබෙන  යුගයක බොදු බල සෙනා ඇතුළු තවත් අන්තවාදී ආගමික උන්මන්තක සංවිධාන කිහිපයක්ම මේ රටේ මේ වන විට පැලපදියම්ව තිබේ.

එක් ආගමික අන්තවාදයකට එරෙහිව තවත් ආගමික අන්තවාදයකින් උත්තර හොයන්නට ගියද මේ සියල්ල පැන නඟින්නේ එකම උන්මන්තක තත්වයකින්  බව පැහැදිලිය. 

මේ සමග පලවන ඡායාරූපයේ ඇත්තේ බොදු බල සේනා සංවිධානයේ තරුණ බලකාය නැමැති සංවිධානයක් මඟින් මේ දිනවල තප්පවල අල්වමින් යන පොස්ටරයකි. 

මේ ගැන වැඩි දෙයක් කතා කරන්නට අවශ්‍ය නැත. මේ එන්න හදන්නේ ඇෆ්ගනිස්තානයේ තලයිබාන්ලා ගේ ක්‍රියාවලියටය. නැතින isis ත්‍රස්තයන්ගේ ක්‍රියා කලාපයටය.  ඥානසරලාද වුන්ගේ  දිගුව වූ අම්පිටියේ සුමනෙලාටද  ඇත්තේ තමන්ගේ බඩ ගෝස්තරය පිළිබඳ අවුල පමණක් වුවද මොවුන්ගේ  කාලකණ්නිකම නිසා විනාශ වන්නේ සාමය සංහිදියාව නිදහස් නිවහල් බව හා මිනිස් කම  සොයා යන  රටය.

 කෙල්ලෙක් කොටට හරි හිරට අඳින එක අවුලක් විය හැක්කේ ලිංගික ශක්තියක් නැතිව පීඩාවට පත්වූවන්ට හා ගැහැනුන් ඇලජික් මානසික රෝගින්ටය. එහෙමත් නැතිනම් ගැහැණු දැක්කාම සතා අවදිවන ශිෂ්ඨසම්පන්න නැති ගෘහස්ථ වනචාරීන්ටය. නමුත් ඒවාට වෙද හෙදකම් තිබේ.

 සීලයේ පිහිටා සිටින ඉතාම සුළු පිරිසක් හැරෙන්නට පෙම් සබඳතවලින් අඩුවක් නොතිබුණ ඥානසාරලාට මෙන්ම පවිත්‍රාට  සංසර්ගයට ඇරයුම් කරන සුමනෙලාට මෙන්ම මෙරට සමස්ත සංඝ සමාජයටම එහෙම ලෙඩ නැති බව පැහැදිලිය. ඊට සාක්ෂි පත්තරවල වෙබ් අඩවි වලින් ඕනෑතරම් සොයා ගත හැකිය.

එහෙත් මේ පොස්ටර් ගසන වුන්ට බෙහෙත් ඇත්තේ නැත. ජාතිවාදයට ආගමික උමතුවට බෙහෙත් තවම සොයාගෙන නැත.  සැබැවින්ම පොන්නයන්  කියන්නේ මෙහෙම ජාතිවාදී ආගමික ලෙඩ්ඩුන්ටය.

මේ උන්ගේ කතාවය

"නිරාවරණය වූ විට සත්‍යයේ වටිනාකම පෙනෙනවා සේම ආවරණය වී පවතින තාක් කාන්තවගේ වටිනාකම පවතිනව. අද වන විට සිංහල සංස්කෘතිය සොදාපාලුවට යමින් සිංහල කාන්තවගෙ නිරුවත ඔවුන්ටත් හොරාම විජාතික පරයන් අතර වෙන්දේසි කරමින් ශාරිරික හා මානසික තෘප්තියක් ලබා ගැනීමට සිංහල කාන්තාවට කුණුකොල්ලෙට ඇඳුම් සපයන මුසල්මානුවන් සතු රෙදිපිලි ඒකාධිකාරය නිසා මොල සැදුනු කාන්තාවනි,ඔබගේ වටිනාකම දැන්වත් ‍රැකගන්න "

ගැහැනිය අඳින ඇඳුම තීරණය කිරීම ගැහැනියගේ අයිතියයි.   ශරීරය කෙතරම් දුරට පෙන්වනවාද නැද්ද යන්න   ගැහැනිය විසින් තීරණය කරන්නක් මිසක කිසිවකුගේ බලාධිකාරයකට යටවිය යුතු නැත.

 වත්මනෙහිවන සදාචාරය සංස්කෘතිය යන්න පිරිමින්ගේ අධිකාරිය මත සකස්වූවක් මිසක මිනිස් වුවමනාවක් නොවන බව පැහැදිලි කරුණකි.  එහි ගැහැනියගේ අයිතිවාසිකම් යටපත් කොට ඇත. 

මේ ආගමික උන්මන්තකයන් පෙලෙන ප්‍රශ්නය නම් ආගම විසින් ආරක්ෂාකර දුන් පිරිමි ආධිපත්‍යට වත්මන් ගැහැනිය විසින් අභියෝග කිරීම දරා ගත නොහැකි වීමේ භ්‍රාන්තියයි.

ඒ පරාජය කළ යුතුමය.