ආගමික අන්තවාදයෙන් බැට කන අපේ කිවිඳිය - ෂර්මිලා සෙයිද්

පහුගිය කාලෙ අපි දැක්කෙ ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් වැඩ කරපු සිංහලබෞද්ධ (තනිවචනයක්) අන්තවාදය අලුත්ගම ගිනි තිබ්බ හැටි. එතන කතාව වෙනම එකක්. නමුත් ඉස්ලාම් අන්තවාදය කියන්නෙත් ලෝකෙට ම ශාපයක් වෙච්චි එකක්. කොයි ආගමික අන්තවාදයත් එකයි. කෝකෙනුත් අන්තිමෙ වැඩියෙම්ම දුක් විඳින්නෙ දෙවෙනි පන්තියේ පුරවැසියෙක් හැටියට ගණන් බැලෙන ගෑණු අපි. මේ අපේ රටේ අපේ මුස්ලිම් සොයුරියක් කවි ලිව්ව නිසා වෙච්චි දේ ..


ෂර්මිලා සෙයිද් මඩකලපුවෙ ඉපදිච්චි කෙනෙක්. 2001 ඉඳන් එයා කවි, කථා, ලිපි ලියනවා. 2006 ඉඳන් එයා කාන්තා ක්‍රියකාරිනියක්ද වෙනවා. එරාවූර් සමාජ සංවර්ධන සංවිධානය හැදෙන්නෙ එයාගෙ මූලිකත්වයෙන්. වාර්ගික ප්‍රශ්නය තදින් ම තිබුණු නැගෙනහිර පළාතේ එයා කන්තාවන් දරුවන් සහ සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් දිගට ම පෙනී ඉන්නවා. එයා ලිංගික නිදහස, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙනුත් පෙනී ඉන්නවා. 

මේ වගේ විවාදයට තුඩු දෙන මාතෘකා තමන්ගෙ නිර්මාණයන්ට යොදා ගන්න ඈ තමිල්නාඩු ප්‍රගතිශීලී සාහිත්‍ය සම්මානයෙන් සහ තමිලාර් සම්මානයෙනුත් පිදුම් ලබනවා. 

මේ, බුර්කාවකට හිර කරන්නට බැරි වුණු අපේ මුස්ලිම් කෙල්ලෙක්ගෙ කතාව ..


පියාපත් ලද කාන්තාව Siragu Mulaitha Penn (The women who grew wings) ෂර්මිලා සෙයිද් ලියූ කවියක්. මේ කවිය ඇගේ ජිවිතය තුළ විශාල පෙරළියක් කරනවා  පිරිමින්ගේ කැමැත්ත අනුව කාන්තාවන්ට බල කරන, අන්තවාදී පිරිමි ධුරාවලියේ ප්‍රශ්න කිරීමට, තර්ජනයන් ගර්ජනයන්වලට ඇයට මුහුණ දෙන්න සිදුවන්නේ එයින් පසුව. 

මුසල්මානු අන්තවාදීන්ට අනුව  ඇගේ අපරාධය වෙන්නේ  "කාන්තා අයිතිවාසිකම්" වෙනුවෙන් පෙනී සිටීම. ඇගේ භාෂාවෙන්ම කියනවානම්  කාන්තාවගේ ජන්ම අයිතිය වෙනුවෙන් පෙනීම. 

The women who grew wings ආගමික තරහක් පෙළඹ වූ කවියක් ලෙස මොවුන් හංවඩු ගහන්න ගත්තා. එය  ලිංගික ශ්‍රමිකයන් ගැන ලියවුණු කවියක්.    ශර්මිලා ප්‍රසිද්ධියේ ලිංගික කටයුතු නීතිගත කළයුතු බවටත්  ලිංගික ශ්‍රමිකයන් ආරක්ෂා කළ යුතු  බවටත් පෙනී හිටියා. අදටත් පෙනී ඉන්නවා. 

ඇය ලියූ විවාද සම්මපන්න මත නිසාම,  ඉස්ලාම් දහමට විරුද්ධ වූ බවත් පවසා  මිත්‍යා දෘශ්ටිකයෙකු ලෙස හංවඩු ගසා ඇයට දැඩි තර්ජන එල්ල කෙරෙනවා. ඇය ලිව්ව ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ කවි  දැඩි මතදාරී මුස්ලිම්වරුන්ගේ දෝෂා රෝපනයට ලක්වෙනවාඇයට පමණක් නෙමෙයි ඇගේ සහෝදරියටත් විවිධ අන්තවාදී කණ්ඩායම් වලින් තර්ජන ගර්ජන එල්ල වන්නෙ ඇගේ කවි වල තිබුණ ප්‍රබලත්වය නිසාමයි. 

ඇය සහ සහෝදරිය උගන්වන ඉංග්‍රිසි  අධ්‍යපන ආයතනයක් ගිණි බත් කරන්නෙත් ඒ හේතුවෙන්.ෂර්මිලා මේ අවස්ථාවේදී කිසිවකුගේ ආගමික සමාජීය මතයන්ට බලපෑම් වුනා නම් සමාව වෙන්න කියලත්  ඉල්ලා හිටියා,එහෙත්  මොන ආකාරයේ තාඩන පීඩන ආවත් "කාන්තාවකගේ ජන්ම අයිතිය" වෙනුවෙන් පෙනී සිටිනවා කියන ස්ථාවරයේ ඇය නොසැලී ඉන්නවා.

ඇත්තෙන්ම   මුහණු ආවරණය සහ මුළු සිරුව වැසෙන සේ ඇඳීම ආරාබීන්ගේ ඇඳුමක්. ආරාබියේ තියෙන  අධික රස්නය සහ වැලි කුණාටු වලින් ඇස් මුහුණ තම ශරීරය ආරක්ෂා කරගැනීට සුදුසුම  ඇඳුම විදිහට තමයි මේ හිසේ සිට පෙතුල දක්වාම ආවරණය වුණ ලොගු ඇඳුම එන්නේ. 

මේ ලෝගු ඇඳුම අරාබි වෙළඳුන්ගේ ලාභ ලබන ව්‍යාපාරයක් වුණු නිසාම මේ වාණිජ නිශ්පාදන ඉස්ලාමීය සංස්කෘතියේම කොටසක් හැටියට ඔවුන් ඒත්තු ගන්වනවා. 

පසුකාලීනව  මේ ඇදුම ඉස්ලාමීය සංස්කෘතික අංගයක් ලෙස අපේ රටේ කාන්තාවන්ටත්  අදින ලෙස බල කෙරුණා.  එසේ නොවන්නම් ඉස්ලාම් විරෝධීන් සහ චරිතවත් නොවන කාන්තාවන් ලෙසත්  ඇතැම් අවස්ථාවන්වල ගණිකාවන් ලෙසත් අන්තවාදීන් හංවඩු ගහන්න ගත්තා. 

කාන්තාවන් අපකීර්තියට ඇති බිය නිසාම පිරිමින් විසින් ඇඳීමට නියෝග කළ ඇඳුම  අනන්‍යතාවය සංකේතවත් කරන්නක් හැටියට මේ වෙනතාක් අඳිනවා. 

අන්තවාදී පිරිමින් බලහත්කාරයෙන් සංස්කෘතික පොලිසියක් ලෙස ක්‍රියා කරනවා. ඔවුන්ගේම නීති රීති සහ අධිකාරීන් මත පදනම්ව කාන්තාවන් පිළිබඳ විනිශ්චයන් නියම කරනවා.

පරිසරය හා සමාජ යථාර්තයන් කාලයට අනුරූපව වෙනස් වෙද්දි මුස්ලිම් කාන්තාවට පමණක් සම්ප්‍රදාය තුළ  සිරවි ඉන්නට පිරිමින් බලකරනවා. කාන්තාවගේ ඇඳුම පැලුඳුම හෝ විවාහය හෝ මොනයම් දෙයක් හෝ පි ගැන තීරණය කළ යුත්තේ පිරිමියා නොවෙයි. ඒ අයිතිය ඇයට තිබිය යුතුයි. ඒත් මූලධර්මවාදීන් කාන්තාවගේ හිමිකම් ගැන දක්වන ආකල්ප කිසිම අවස්ථාවක යතාර්ථවාදි වෙන්නේ නැහැ.

මේක ගැහැණියකගේ මුහුණ ආවරණය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක් ම නෙවෙයි.


කොයි ආගමත් ජීවත් වෙන්නෙ අතීතයේ. අපි ඉස්සරහ අනාගතයක් තියෙනවා. පිරිමියෙක් එක්ක ගැහැණියට සමතැන දීපු ආගමක් තවමත් නැත්තෙ අපේ ලෝකය තාමත් ඒක ඉගෙන ගනිමින් ඉන්න නිසා. ඉතින් මේ අපේම සහෝදරියකගෙ කතාව ලිව්වෙ එක් අන්තවාදයකට එරෙහිව තවත් එකක් ඇවිස්සෙන්න නෙවෙයි, ගැහැණුන්ට සලකන්න නොදන්නා හැම ආගමික අන්තවාදයක් ම මේ පොළොවෙන් අතුගාලා දාන්න අපි එකතු වෙන්න ඕනෙ නිසා. අනාගතයට යන්න වෙන්නෙ එහෙම. 


No comments:

Post a Comment