මලාලාට වෙඩි තැබුවන් දිවි ඇති තෙක් හිරගෙට

මලාලා යුසුෆ්සායි කියන පාකිස්තානු සොයුරිය ගැන අද මුළු ලෝකයම දන්නවා. එයා තමයි අඩුම වයසින්, ඒ කියන්නේ වයස අවුරුදු 16 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නෙ. 


ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ඇති අයිතිය වෙනුවෙන් මලාලා එයාගෙ බ්ලොග් අඩවියේ ලිපි හරහා හඬ නැඟුවා. ඒ හඬ ඉවසා දරන්නට බැරි වුණු තලේබාන් සංවිධානය ඈව නිහඬ කරන්න එව්වෙ වෙඩි උණ්ඩ. ඒ වෙද්දි ඇයට වයස යන්තම් අවුරුදු 14යි. හිසට ම වෙඩි පහර එල්ල වුණත් ඇගේ ජීවිතය බේරුණා. මේ සිදුවීම ලෝකය පුරා ම පැතිර ගිය නිසා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කෙරුණු සටන් ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු වුණා .

ඒ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධව වැරදිකරුවන් වූ තලේබාන් අන්තවාදීන් දහ දෙනෙකුට අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා. 

මේ සටහන, මලාලාට වෙඩි පහර කන්නට හේතු වුණු ඇගේ සටන වෙනුවෙන්, ඒ කියන්නේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන සියලුම සටන් වෙනුවෙන්. 

නූගත් ගැහැණියකගේ කුසින් ඉපදිලා නූගත් ගැහැණියක් ඇසුරේ ළමා කාලය ගත කරන්න තමුන්ගෙ පිරිමි දරුවන්ටත් සිද්ද වෙනබව තේරුම් ගන්නවත් බැරි තරම් අන්ධ වෙච්චි අන්තවාදී පිරිමින් මේ ලෝකෙන් වඳ වෙලාම යන්න ඕනෙ. අම්මා කෙනෙක් හැටියට තමන්ගෙ දරුවන්ගෙ, අක්කා කෙනෙක් හැටියට නංගිලා මල්ලිලාගෙ ඇස් පාදන්නත් එක්ක හැම ගැහැණියක් ම අධ්‍යාපනය ලබන්න ඕනෙ. 

No comments:

Post a Comment