උදයා, ඔබට අපේ සුබ පැතුම් !!

සතුටුදායක ආරංචියක් ! සින්නතම්බි උදයා ශ්‍රී දෙවෙනි වතාවටත් නිදහස්. ඒ කිව්වෙ මේ වතාවෙ ඈ අම්මා එක්ක ගෙදර යන්න ගිය නිසා. 

ජනාධිපති සමාව ලැබුණු දිනයේ ඉඳලත් සති හතරකට ආසන්න කාලයක් කල්දේරම් බත් කන්න ඈට සිද්ධ වුණා. ඒ අපේ රටේ රාජ්‍ය සේවයේ හැටි.


උදයා ගෙ ඡායාරූපයක්වත් මාධ්‍යවලට එකතු උනේ ඈට සමාව ලැබුණාටත් පස්සෙ. ඒ වෙනතෙක් කළුද සුදුද නොදන්නා සහෝදරියක් වෙනුවෙන් බොහෝ දේ කතා කරන්න බොහෝ අය එකතු වුණා. ඒ 'අපේ' කම ඉදිරියටත් පවතින්න ඕනෙ. 

බිඳුණු හිත් එකතු කරන්න තව ගොඩාක් දුර ගමනක් අපට යන්න තියෙනවා. එකම රතු පාට ලේ තියෙන මිනිස්සු හැටියට, අපිව බෙදලා වෙන් කෙරෙන බැමි සුනුවිසුනු කරගෙන යන්න ගමනක් අපට තියෙනවා. එන්න ඒ ගමන වෙනුවෙන් මේ එකමුතුව මේ සංවාදය පුංචි පියවරක් කරගන්න අපිට පුළුවනි.

ඒ වගේ ම සීගිරි කැටපත් පවුර සංරක්ෂණය කරන්න යොදනවා කිව්ව වීදුරු ආවරණයත් තවත් එක දේශපාලන පොරොන්දුවක් නොවී කැටපත් පවුර ඉදිරියෙන් ඉදිවෙන්න ඕනෙ. සින්නතම්බිලා මොහොමඩ්ලා ඇන්තනීලා හැමෝම සීගිරිය බලන්න එනවා වගේ ම ඒක ගැන දැනුවත් වෙලා එතනින් පිටවෙන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්න ඕනෙ.

පුරාවස්තු වටිනවා තමයි, ඊට වඩා හෘදවස්තු වටිනවා .. උදයා, ඔබට අපේ සුබ පැතුම් !!

No comments:

Post a Comment