වහල්ලු නිර්මාල්ට පහර දෙති

දේශපාලනිකව අනාථ වෙන්න නියමිත විමල් වීරවංස ඇතුළු කණ්ඩායම විසින් කිරුළපන පැවැත්වූ මැයි රැළියේදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට පහරදීලා. ඔහු දැනට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබනවා. 


ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වුණාට පස්සෙ වියරු වැටුණු මේ මැක්කන්ගෙ 'වීර' ක්‍රියා දැන් ප්‍රසිද්දියේ මිනිස්සුන්ට පහර දෙන තරම් දුර ගිහින්. ජීවිකාව වෙනුවෙන් ජාතිවාදය විකුණාගෙන කන උන්ට නිර්මාල් වගෙ කෙනෙක් පෙන්නන්න බෑ තමයි. :මේ මිනී කාක්කන්ට බලය නැති මොහොතකත් මතවාදීමය වශයෙන් වෙනස් වීම මහපාරේ ගුටි කෑමට හේතුවක් වෙනවා නම් ඔවුන් බලයේ ඉද්දි කරපු දේවල් ගැන කතා කරන්න දෙයක් නෑ නෙ. 

බලය වෙනුවෙන් 1983 දී වතාවක් රට ගිනි තැබුණා, ඒ ගින්න තාවකාලික යටපත් වෙන්න අවුරුදු 30ක් ගියා, තාමත් යටින් ඇවිළෙනවා.  මෑත කාලීනව අපි දැක්කෙ අලුත්ගම දර්ගා නගරය ගිනි තැබෙන හැටි. ඒ පරපුරේ ජාතිවාදී හැත්ත රොත්ත බුරුත්ත පිටින් ම ඉක්මනින් දේශපාලන භූමියෙන් අතුගාලා නොදානවා නම්, ඉතිහාසයේ ඔවුන්ට හිමි කුණු බක්කියට ඇද නොදානවා නම් ආයෙත් මේ රට ගිනි තියන්න ඔවුන් උත්සාහ කරාවි ඉක්මනින්. 

නිර්මාල් රංජිත් මහතාට ඉක්මන් සුව පතන ගමන් ම පහර දීම සිදු කරපු නිවට නින්දිත බියගුලු පාහරයින් ගැන අන්ත පිළිකුලත් ප්‍රකාශ කරනවා. මුං සත්තු !! 


                                                       
                                                            
          

No comments:

Post a Comment