කැලෑ පාලුවා රිෂාඩ් විතරද ?

රිශාඩ් බදූර්දීන් කියන්නෙ කොහෙත් ම හොඳ මිනිහෙක් නෙවෙයි. කැලෑ කපන කතාව ඔය මිනිහට අද ඊයෙක ඉඳලා තියෙන එක්කුත් නෙවෙයි. නැවත පදිංචි කරන මුවාවෙන් විල්පත්තුවට කෙළවන එකට විරුද්ධ වෙන්නම ඕනෙ. 


කැලෑ කපනවයි කියන එකට විරුද්ධ වෙන්න අපිට කොන්දේසි නෑ, ඒත් කැලෑ කැපිල්ලට විරුද්ධ වෙන මුවාවෙන් ජාතිවාදය වපුරන්න එනවා නම් ඒකට ඉඩ තියන්නත් බෑ. 

මීට කලින් රාජපක්ෂ පාලනය තියෙන කාලේ (මේක තාම ඉවර නෑ)

1 මත්තල ගුවන්  තොටුපල හදන්න වනාන්තර අක්කර  5000ක් විනාශ කරා.
ජත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාව - මාම්පුර වරාය - සුරිය වැව ක්‍රීඩංගනය හම්බන්තොට පරිපාලන සංකීර්ණය මිරිජ්ජවිල ආයෝජන කලාපය - සුර්‍ය තාප විදුලි බලාගාරය කියන ව්‍යාපෘති වෙනුවෙන් බිලිදුන්න වනාන්තර ප්‍රමාණය  අක්කර 10,000 ක්. ඇත්තෙන් ම වයඹට වඩා  වැඩි අලි මිනිස් ගැටුම් තත්වයක් හම්බන්තොට ඇති වුණා.

2 බදුල්ල හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයිති බලහරුව අඹකොලේ ප්‍රදේශයේ අක්කර 1000 ක් උදිත් ලොකු බණ්ඩාරත් අක්කර 500ක් බැසිල් රාජපක්ෂත් වෙන්කරගත්තා.

3 කරුන්කාලිපුරම් රක්ෂිතයේ අක්කර 5000ක යුධ හමුදාව විසින් අලුතින් ජනාවාස ඉදිකළා.

4 කල්පිටියේ දූපත් 14 ක අක්කර 2750ක් සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට ගත්තා. නිලාවේලියේ 10 km පාසිකුඩා අක්කර 300ක් ධීවර භූමිය අහිමි කලා.

5 නිල්ගල අක්කර 505 ක් ගාමිණී විජිත මුණිසොයිසා හිතවතුන්ට දුන්නා

6. ආන්දකුලම් වන රක්ෂිතයේ අක්කර  6000ක් මහවැලි එල් කලාපය හැටියට නම් කරලා දේශපාලන හිතවතුන්ට දුන්නා. නිමල් සිරිපාලගේ නංගිත් ඒවා ගත්තා.

7. පෝට් සිටිය කතා කරලා වැඩක් නැහැනේ.

මේ කිසිම දෙයක් වෙනුවෙන් බරපතළ හඬක් නඟන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ, පාලන බලය තියෙන ආණ්ඩුවේ දේශපාලකයො තම තමුන්ට පුළුවං හැටියෙන් කැලෑ කපන එක, ඒවා ඡන්ද බලාගෙන හිතවතුන්ට බෙදන එක රටේ සම්ප්‍රදායක් වගේ වෙන තැනකට ම ගිහින්. 

පොදුවේ ලංකාවෙ වනාන්තර ආරක්ෂා කරගන්න සටන් කරන්න ඕනෙ, ඒත් ඒ සටන් ජාතිවාදී පදනමකින් බොදුබල සේනාව පන්නයේ රිලා මොටාලා අතට නොයන්නත් වග බලාගන්න ඕනෙ. රිෂාඩ්ට විතරක් නෙවෙයි කලෑ කපන කොයි දේශපාලුවාටත් එරෙහි වෙමු, රිෂාඩ්ගෙන් පටන් ගමු, ඒත් ජාතිවාදී පිස්සන්ගෙන් පරෙස්සම් වෙමු. 


No comments:

Post a Comment