පරිසර ඇමති මමද ?



යුද්දය සහමුලින්ම ඉවර කෙරුණාය කියන නිවේදනය නිකුත් වෙන්නෙ 2009 මැයි 19 වෙනිදා. ඒ වෙනකොටත් ආපදා කළමණාකරන හා නැවත පදිංචි කිරීමේ ඇමති රිශාඩ් බදූර්දීන්.

දැන් අවුරුදු හයක් පිරෙන්න ආසන්න මොහොතකත් රිශාඩ් තාමත් කැලෑ කපනවා අවතැන් වෙච්චි මිනිස්සු පදිංචි කරවන්න. පහුගිය අවුරුදු හයක් තිස්සේ රිශාඩ්ට බැරිවෙලා තියෙනවා තමුන් නියෝජනය කරපු, තමුන්ට ඡන්දේ දීලා බලයට ගෙනාපු මිනිස්සුන්ගෙ ඉඩම් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. 

එල්ටීටීඊය විසින් උතුරින් එලවා දමපු මුස්ලිම් ජාතිකයෙක් හැටියට වතාවක් තමනුත් අවතැන් වෙලා ඉද්දි දැනුනු දේවල් ඇමති සැප ලැබුණාට පස්සෙ රිශාඩ්ට මතක තිබුණු තරම තමයි ඒ.

නැවත පදිංචි කෙරෙනවා කියන එකෙන් අදහස් කෙරෙන්නෙ කොහේ හරි කැලෑවක් එළිකරලා මිනිස්සුන්ට ඉඩමක් එක්ක තහඩු කෑලි කීපෙකුත් ලී දඬු කීපෙකුත් දීලා අතාරින එකටද ? ඒක නැවත පදිංචි කිරීමක් නෙවෙයි නැවත අවතැන් කිරීමක්. අද ලෝකේ මිනිස් අවශ්‍යතා කියන එව්වා කොයි තරම් නම් සංකීර්ණද ? මේ මිනිස්සුන්ට අදාල අනිත් අත්‍යාවශ්‍ය පහසුකම් : ඉස්කෝල, ඉස්පිරිතාල, රස්සාවක් කරන්න තැනක් වගෙ ඒවා සම්පූර්ණ කෙරෙන්නෙ කෝමද ? ඒකට ආයෙත් වතාවක් කැලෑවෙ ඉතිරි ටිකත් එළි කරනවාද ?

මේක ඇත්තට ම වැඩපිළිවෙලක් නැතිකම. දැනට පහසුකම් තියෙන ප්‍රදේශ ආශ්‍රිතව තට්ටු නිවාස සංකීර්ණ හදනවා වගෙ අදහසක් මෙයාලට එන්නෙ නැද්ද ? නැත්තම් කැලේ කපන එක තරම් ඒක ලේසි - වාසි වැඩක් නෙවෙයිද ?

අනිත් අතින් දැනට රටේ පරිසර ඇමති හැටියට ඉන්නෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මයි. මේ කැලෑපාලුවා ව නවත්තන වගකීම ඇමතිකමෙන් ම පැවරිලා තියෙන්නෙත් එයාට. ජනාදිපතිවරණය ළඟ කාලෙක අන්තිම මොහොතෙ ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු පැනිල්ලට කළගුණ සලකන්න අවුරුදු හයක් තිස්සෙ ෆේල් වෙච්චි ඇමති නාම්බෙක්ට බාගෙන කාලා පුරුදු වළ ම ඉහගෙන කන්න ඉඩ දීලා උඩ බලාගෙන එකට කියන්නෙ 'යහපාලනය' කියලා නම් අපිට කියන්න එන්න එපා මෛත්‍රී. 

ලංකාවෙ අපිට දැනටත් ඉතිරි වෙලා තියෙන්නෙ බොහොම සීමිත වනසම්පතක්. කැලෑ පාලුවොන්ට මෛත්‍රී කරනවා වෙනුවට අපිට හුස්මගන්න ඔක්සිජන් වායුව සපයන ගහකොළට මෛත්‍රී කරන්න ඉක්මනින් ඉදිරිපත් වෙන්න. අළුයට හැංගිච්චි ගිනිපුපුරු පත්තු වෙනකල් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න අම්බලන් පාලුවො සෙට් එක්කුත් මෙතැනින් ගොඩ යන්න ඇඟිලි ගනිනවා කියලා පේනවානෙ නේද ? ප්‍රශ්නය සංවේදීයි, ඉක්මන් මැදිහත් වීමක් උවමනා මයි. 


No comments:

Post a Comment