විල්පත්තු වෙනුවෙන් බලු බළල් සේනා ! - ප්‍රවේශම් වෙමු !!

විල්පත්තු වන සංහාරය ගැන හොයා බලන්නය කියලා ජනාධිපති මෛත්‍රී පරිසර අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක් යවලා. වන විනාශයට එරෙහිව සයිබරයෙන් ගොඩ නැඟුණු සහෝදරත්වයේ හඬත් මේකට ප්‍රබල හේතුවක් වෙන්න ඇති.


ඒ අස්සේ, ගෝටාබයගේ බළල් අත වෙන බොදු බල සේනාවත් මේ ගැන ප්‍රසංසා කරලා වගේ ම තමුන්ගෙ සහයෝගයත් පළ කරලා මෛත්‍රීට ලිපියක් යවලා තියෙනවා. මේ එන්න හදන්නේ මොකාටද ?

2015 ජනාධිපතිවරණයේ දී එළිපිට ම මහින්ද රාජපක්ෂට තමුන් සහයෝගය දෙනවා කියලා මුලිම්ම කිව්වෙ බොදුබල සේනවා. ඒ, මහින්දට ශුද්ධ සිංහල ඡන්ද ජයක් අරං දෙන බලාපොරොත්තු වෙන්. එදා ඒ දිනුම ලැබුණා නම් හිට්ලර් වෙනුවෙන් ඉඳපු දුඹුරු කමිස හමුදාව වගෙ බවට බොදුබල සේනාව මේ වෙද්දි පත් වෙලා ඉන්නත් තිබුණා. ඒත් මේක බහුවාර්ගික රටක් කියන එක තේරුම් ගත්තු මිනිස්සු ප්‍රමාණය වැඩි උනු නිසා මහින්දට අකුලාගෙන ගෙදර යන්න සිද්ධ වුණා. ඒ පරාජයෙන් පස්සෙ මාසයක් හමාරක් යනතුරු නානසාරවත් බොදුබල සේනාවවත් පේන්න හොයාගන්න හිටියෙ නෑ.

ඊට පස්සෙ නානසාර කල එළි බහින්නෙ පට්ට ම "බබා පාට්" එකක් දාගෙන. අලුත්ගම ඇතුළු මුස්ලිම් ජනතාවට එරෙහිව සිද්ධ වෙච්චි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තමුන්ගෙ මොන ම සම්බන්ධයක්වත් නෑ කියාගෙන, ඒ විතරක් නම් මදෑ තමුන් ජාතිවාදී සංවිධානයක් නෙවෙයි කියලත් කියාගෙන. එක්කෝ මුන් 'අප්පච්චිගෙ මළගමෙන්' පස්සෙ මැරිලා ඉපදිලා, එහෙම නැත්තං උන් හිතාගෙන ඉන්නෙ අපි මැරිලා ඉපදිලා කියලා වෙන්න ඕනෙ. 

කොහොමත් මහින්දට හැම එකම ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැටියට පේන්න ගත්තට පස්සෙ තමුන් වෙනුවෙන් මෙච්චර වෙහෙසුණු බලු බළල් සේනා ටිකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට නම් කරලා අතහෝදාගෙන ජනතාවගෙ අනුකම්පාව ලබන්න එයා පොඩි උත්සාහයකුත් කරනවා. ඒත් ඒ ප්‍රකාශය ප්‍රසිද්ධ වෙන මොහොතෙත් මේ බලු බළල් සේනා ටික ඉන්නෙ ශුද්ධ සිංහල කොඩි අරං අධිකරණ නියෝගත් නොතකා මහින්ද සහ එයාගේ සහෝදරයා වන ගෝටාබය වෙනුවෙන් මහපාරේ. 

නානසාර උසාවිය මඟ හැරපු නිසා වරෙන්තු වෙලා ඉද්දි බී.බී. එස්. චීෆ් එක්සෙකටිව් ඔෆිසර් වෙන දිලන්ත විතානගේ වරෙත්තු ලියුමක් මහින්දට යවන්නෙ මේ මොහොතේ තියෙන වන විනාශයට එරෙහි ක්‍රියාදාමය ඇතුළෙ තමන්ගෙ කොටසක් ඉහළින් ම තහවුරු කරගන්න. "උපන්දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ" කියන එක ලංකාවෙ දේශපාලනය ගැන තියෙන නිවැරදිම ප්‍රකාශයක් වෙන කාලෙක බලු බළල් සේනා මනම්පිටියෙ ගඟෙන් නාලා පව් සමා කරගන්න නම් ලෑස්ති වෙන්නෙ, කීයටවත් ඒකට ඉඩ තියන්න බෑ. දැන් උනුත් මහින්ද විරෝධී නිසා මේ පැත්තෙන් පිහිට හොයනවා කියන එක ගැන සැක කරන්න පුළුවනි. මුන් ඉඩ තිබුණු කාලෙ කරපු, කරන්න හදපු විනාසෙ තරම අපි හොඳින් දැක්කා, අපිට ඒවා අමතක නෑ.

ඒ නිසා වනාන්තර රැකගන්න අපිට හැකි හැමදෙයක් ම කරමු. බලු බළල් සේනාවන්ට ඔළුව උස්සන්න පුංචි ඉඩක්වත් නොතියමු. !!

No comments:

Post a Comment