වැට උඩින් වැඩපු වැඩිල්ල නම් බුදු මොරාල්

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පසුගිය 29 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට කරපු විරෝධතා උද්ඝෝෂණයකට පොලිස් ප්‍රහාරයක් එල්ල වුණා. උද්ඝෝෂණය කිරීමේ අයිතිය මිනිස්සුන්ට තියෙන්න ඕනෑ, මොන ම පිරිසක් හෝ උද්ඝෝෂණය කරන මොහොතක පොලීසිය විසින් ඊට පහර දෙන එක වැරදියි. 


ඒත් මේ උද්ඝෝෂණයේ විඩීයෝ පටි වල සටහන් වෙලා තිබුණෙ ශිෂ්‍ය භික්ෂූන් 'වහන්සේලා' මාර්ගබාධක පෙරළාගෙන 'වඩින' ආකාරයත් වහල තිබුණු ගේට්ටුව දිගේ ඉහළට වඩින ආකාරයත්. ඉතින් උන්වහන්සේලාගේ වීර්ය පාරමිතාව ගුටි කෑම වෙනුවෙන් ම කෙරුණු එකක්දෝ කියන සාධාරණ සැකයකුත් මතු වෙනවා.

 ඒ වගේම තවත් වීඩියෝ පටියක තිබුණේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් සියළු ශීලයන් පැත්තක තියලා පොලිස් නිලධාරියෙක්ට ගඩොල් බාගයකින්  හිසට පහර දෙන සිද්ධියක්. පහර කාපු පොලිස් නිලධාරියාගේ තත්වය බරපතළයි කියලත් ආරංචියි. භික්ෂූන් හැටියට අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් තවත් මනුස්සයෙකුගේ ඔලුව පලන එක අනුමත කරන්න වෙන්නෙ කොයි බුදුන්ගේ දහමට අනුවද ?

ලංකාවෙ සමාජය ඇතුළෙ සිවුරට යම් සිවිල් බලයක් තියෙනවා. පහුගිය කාලේ බොදුබල සේනාව, සිංහල රාවය, රාවණා බලකාය වගෙ අන්ත ජාතිවාදී සංවිධාන රට පුරා ගිනි කෙළි නටන්න පාවිච්චි කරෙත් මේ සිවුරට හිමි සිවිල් බලය හා ඒ පිටිපසින් හංගපු රාජ්‍ය ආශිර්වාදය. සිද්ධීන් වෙනස් උනත් සිවුරු ඇඳගෙන මැරකම් කරනවා නම් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයත් බොදුබල සේනාවත් අතරෙ මතුපිට තලයේ යම් සමාන කමකට එනවා නේද ?

 අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය  ඉතිහාසය පුරා ශිෂ්‍ය සටන් ‍රැසක් මෙහෙයවලා නිදහස් අධ්‍යාපන අයිතිය ‍රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටියා ඒ ගැන විවාදයක් නෑ..නමුත් මේ ශිෂ්‍ය සටන් පාඨ වලට යටින් ප‍ටු දේශපාලන උවමනාවන් දිග හැරුණු බව ගැනත් විවාදයක් නෑ... 

අන්තරයේ බලය ඇල්ලීම කියන කාරණය ඇතැම් දේශපාලන පක්ෂවලට  අතිශය වැදගත් වෙන්නේ   ඔවුන්ගේ දේශපාලනයට ජවය එක් කර ගැනීමේ  තෙල් පොම්පය තිබෙන්නේ එතැන නිසා.. බලය අල්ල ගත්තු කණ්ඩායම ඊලඟ කරන්නේ අන්තරයේ මොරාල් හදන එක.. බොහෝ විට කතාවෙන් බහෙන් බේර ගන්න පුළුවන් ඉල්ලීම් පොලිසියෙන් ගුටි කාලම බේර ගන්න තැනට ගෙන එන්නේ මේ දේශපාලන කණ්ඩායම විසින්. දැන් වෙමින් පවතින්නේ එක. 

අන්තරයට මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්  කළ හැකි සටන් ඕඑනැතරම් තියෙනවා..ඒ වාට සාධනීය ලෙස කළ හැකි මැදිහත් වීම් ඕනෑ තරම් තියෙනවා..ඒ ඒ ප්‍රශ්න දඩමීමා කරගෙන යන එනමන් නැති දේශපාලන පක්ෂ වල අතකොළුවක් වන්නට ඉඩ දීම  අන්තරය මෙහෙයවන්නන් දැන හෝ නොදැන ඉඩ දීම ශිෂය සටන් ඉතිහාසය කෙළසීමක්..

No comments:

Post a Comment