රිශාඩ්ට අවවාදයක් !!

විල්පත්තුව අවට වන සංහාරය නවත්තන්න කියලා ජනාධිපතිවරයාගෙන් නියෝගයක් ලැබිලත් රිශාඩ් බදූර්දීන් නවතින පාටක් පේන්න නැහැ. දැන් මිනිහා ලෑස්ති වෙන්නෙ තමුන් මොකුත් ම කරේ නෑ කියලා පෙන්නන්න. ඒ වෙනුවෙන් අපේ ම සල්ලි වලින් මාධ්‍යවේදියො ඇතුළු පිරිසක් එයා සංචාරෙකත් එක්කරගෙන ගිහින් තිබුණා.
රිශාඩ් දැන් වටේට ම අභියෝගත් කරනවා පුළුවන් නම් තමුන් වැරදියි කියලා ඔප්පු කරන්න කියලා, ඒත් මඩු රක්ෂිතය එළිකිරීම ගැන වචනයක්වත් කතා නොකරන්නත් මිනිහා පරෙස්සම් වෙනවා. 

රිශාඩ් කියන හැටියට අදාල ප්‍රදේශයේ දැනට 'නැවත පදිංචි' කරලා තියෙන්නෙ 30%ක පිරිසක්. එතකොට රිශාඩ් නොකියා කියන්නෙ මේ එළිකරපු කැලෑ ප්‍රමාණය වගෙ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් ඉදිරියේදී එළිකරන්න නියමිතයි කියන එක. අනික ඒ ඉඩම් බෙදීමෙදිත් කොටසකට අක්කර තුනකුත්, තවත් කොටසකට අක්කර බාගෙකුත් හැටියට හැඳි දෙක්කින් බෙදලා තියෙන වගකුත් පේනවා. 

මේ හැමදේම ළඟ එන මැතිවරණෙකුත් එක්ක බැඳිලා තියෙන ඒවා. මිනිස්සුන්ට ඉඩම් ලැබෙන්න ඕනෙ ... ඒත් ඒකට ක්‍රමවේදයක් තියෙන්නෙ ඕනෙ .. ඡ්න්ද බලාගෙන කාටවත් ඕනෙ ඕනෙ හැටියට කැලෑ කපලා මිනිස්සුන්ව ගිහින් අතාරින්න දෙන්න බෑ ..

ඒ වගේම මේ ජනාධිපතිවත් අගමැතිවත් 'මුස්ලිම් ජනතාවට' කරපු දෙයක් නෑ කියලත් රිශාඩ් කියලා තිබුණාය කියලා වාර්තා වුණා. ජනාධිපති හෝ අගමැති වෙනුවෙන් උත්තර දෙන්න අපිට ඕනෙ කමක් නෑ. ඒත් රිශාඩ්ගෙ කතාවෙ හැංගිච්චි අතුරු කතාවකට පොඩි උත්තරයක් දෙන්න ඕනෙ.

ඔව් රිශාඩ්, හිටපු ජනාධිපති සහ එයාගෙ සහෝදරයාගෙ අනුදැනුම, ආශිර්වාදය ඇතුව අලුත්ගම දර්ගා නගරයේ ගිනි ඇවිලෙද්දි ඔයා මොකද කරේ ? සීත කාමරේකට වෙලා ඇමති සැප විඳපු එක විතරමයි නේද කළේ ? මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඒ මොහොතේ පෙනී හිටින්න, ඒ වර්ගවාදී ප්‍රවාහයට එරෙහිව විරෝධය දක්වන්න ඔයාට කොන්ද පණ තිබ්බෙ නැද්ද, නැත්තං ඇමති සැප අතාරින්න වේවි කියලා ඒ මොහොතේ බය හිතුණාද ? 

මේ මොහොත වෙද්දි අඩුම ගාණෙ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයක් රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩෙන එක වළක්වලා තියෙනවා. ඒක ඔයාලට පාඩුයි. මොකද හැම ජාතිවාදියෙක් ම යැපෙන්නෙ තමුන්ගෙ විරුද්ධවාදීන්ගෙ ජාතිවාදය මත. මුස්ලිම් විරෝධයක් රටේ ඇවිළෙනවා නම් රිශාඩ්ලට පුළුවනි මුස්ලිම් ජනතාවගෙ ගැළවුම් කාරයො හැටියට පෙනී ඉන්න. 

අන්න ඒ චාන්ස් එක දැන් නෑ .. ඉතිං බොදුබල සේනා වගෙ කට්ටිය විප්පත්තුවෙන් තම තමුන්ගෙ සුරුට්ටු පත්තු කරන්න දඟලද්දි රිශාඩ්ලටත් පොඩි ආතල් එකක් නැතුවා නෙවෙයි. මොකද අන්තිමෙ රැවුල පිච්චෙන්නෙ දුප්පත් මුස්ලිම් මිනිස්සුන්ගෙ මිසක් ඇමතිලා වෙච්චි තමුන්ගෙ නොවෙන බව රිශාඩ්ලා දන්න නිසා.

ඉතිං රිශාඩ්, ඒකාලේ නැට්ට අහවල් එකේ ගහගෙන අපි දන්නෙත් නෑ, අපි දැක්කෙත් නෑ පාට් එකෙන් ඉඳපු ඔයා දැන් මෙතන සිංහයා වෙන්න එන්න අවශ්‍ය නෑ. මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට, සිංහල ජනතාවට, කාන්තාවන්ට, පිරිමින්ට, නපුංසකයින්ට වෙන වෙන ම සලකන දේශපාලනයක් වෙනුවට හැමෝගෙම අවශ්‍යතා හඳුනගෙන ඒවට අදාල හැටියට උත්තර හොයන දේශපාලන සංස්කෘතියක් අපි අනාගතේදිවත් හදාගන්න ඕනෙ. 

අන්තිම මොහොත වෙනකල් ම දෙකට දෙවාරුවෙ ඉඳලා මේ පැත්තට පැනලා ගත්තු ඇමතිකමත් දැනට තියාගෙන පස්සා පැත්තෙන් නැතුව ඔළුවෙන් කල්පනා කරලා වැඩක් කරන්න පුරුදු උනොත් හොඳයි. මොන ම රිලා මොටෙක්ටවත් ආයෙ මේකෙ ජාතිවාදයක් අවුස්සන්න තියන්න බෑ, එහෙම තියන්නෙත් නෑ ... 

No comments:

Post a Comment